බ්ලොග් එකක් ලියන්න ඔනී කියල කාලෙක ඉදන් මගෙ හිතෙ තිබ්බෙ ලොකු ආසවක්, එත් ලියන්න කියලා හිතට හරියන දෙයක් තිබ්බෙ නැති නිසා බොලොග් එක create කරලා ගොඩක් කල් මන් බලන් හිටියා ,, ඊට පස්සෙ තමයි හිතුනෙ මගෙ පුන්චි ආදර කතාව ගැන මුලින්ම ලියන්න ඔනී කියලා.. ...
කතාව ලියන්න කලින් මන් ගැනත් ටිකක් කියලා ඉන්නම්කො..
මගේ පවුලේ එකම ගැණු ලමයා වගෙම පවුලේ බාලයා උනෙත් මන්, එ නිසා පවුලේ හැමොගෙම ආදරෙ පොඩි කාලේ ඉදන් මට උපරිමේටම ලබුනා,, එ නිසා අවුරුදු 21 ක් යනකම් වෙන ආදරයක් ගැන හිතන්න මට ඔනී වුනෙ නැ,,
ඔන්න දැන් කතාව කියන්නයි හදන්නේ.. මේ කතාවේ ප්‍රදාන චරිත 3 යි.. මමයී , මදු අක්කයි.. නදීශ් අයියයී,,
පුරුද්දක් විදිහට Office එකෙ වැඩ කරන අතරතුර FB ලොග් වෙන්නත් මන් පුරුදු වෙලා හිටියා.. ඉතින් දවසක් Fb ලොග් වෙලා ඉන්න වෙලවක මන් ගොඩාක් ආස කරන cartoon චරිතයක නමකින් හදපු fake profile එකක් දැකලා මන්ම request එකක් දැම්මා
ඊට ටික දවසකට පස්සෙ මන් එයා online ඉන්නවා දැකලා එයා එක්ක කතා කලා..
මුලින්ම මන් එයාට කතා කලේ මාමා කියලා :) මොකද ඒ cartoon එක නිසා,, එයා කිව්ව අනේ මට මාමා කියන්න එපා නන්ගො මන් ඔයාට වඩා චුට්ටයි ලොකු කියලා.. ඊට පස්සෙ ඉදන් මන් එයාට කතා කලේ අයියා කියලා.. කොහොම හරී එයා මා එක්ක කතා කල විදිහෙන් අපි හරි ඉක්මනට හොද යාලුවො උනා.. එයා මට එයාගේ real profile එකෙන් request කලා,,එයාගෙ real name එක නදිශ්.. එයත් දවල් වරුවට FB ලොග් වෙන්නෙ Office එකේ ඉදන්. එයා පුලුවන් හැම වෙලාවෙම ඇවිත් මාත් එක්ක ටික වෙලවක් හරි කතා කරලා තමයි යන්නේ,, එ වගෙම එයා මා එක්ක කතා කලෙත් ගොඩාක් ඩීසන්ට් විදිහට. එ නිසා මාත් ගොඩාක් කැමැත්තෙන් තමයි එයා එක්ක කතා කලේ..
නදීශ් අයියගේ හොදම යාලුවා උනේ මදු අක්කා.. නදීශ් අයියා මන් ගැන මදු අක්කට කියලයි තිබ්බේ.. නදිශ් අයියා මට දාපු නම තමයි ශාවෝ.. :) ඔහොම ටික දවසක් අපි chat කලා. 5/11 තමයි නදීශ් අයියාගේ Birth day එක තිබ්බේ,,මන් එයා wish කලාට පස්සේ එයා මගෙන් ඇහුවා මොකද්ද එයාට දෙන gift එක කියලා.. එයා කිව්වේ හැමදම ලග තියා ගන්න පුලුවන් දෙයක් දේකුයි එයාට ඔනේ කියලා.. මන් කිව්වා එහෙනම් මන් ඔයාට ලස්සනම ලස්සන හොදම හොද ශෝයී කෙල්ලෙක් හොයලා දෙන්නද කියලා,
lassanai
ReplyDelete